Saturday, June 18, 2016

එන්ජිමක ක්‍රියාකාරීත්වයට දායකවන ප්‍රධාන සංරචකවල සම්බන්ධතාව හා එහි සරල නඩත්තු කාර්යයන්

එන්ජිමක ක්‍රියාකාරීත්වයට දායකවන ප්‍රධාන සංරචකවල සම්බන්ධතාව හාඑහි සරල නඩත්තු කාර්යයන්

හැඳින්වීම
(
Introduction)
      ඉන්ධන වල ඇති රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනයකරමින් වාහනය ධාවනය වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය නිපදවීමඑන්ජිමේ ප්‍රධාන කාර්යය වේ.
      තවද එන්ජිම තුලදී පිස්ටනයේ සිදුවන අනුවැටුම් චලිතය භ්‍රමණචලිතයකට පරිවර්තනය කරමින් දඟර කඳ කැරකීමකට ලක් කෙරේ.
එන්ජිමක ප්‍රධාන සංරචක
      එන්ජින් බඳ
      එන්ජින් හිස
      තෙල් දෙණ


එන්ජින් බඳ
    මෙය සිලින්ඩර බඳ ලෙසද හැඳින්වේ.එන්ජිමේ ප්‍රධාන සැකිල්ල මෙය වන අතර එන්ජිමේ අනෙක් කොටස් සියල්ල දරා සිටින්නේ මෙය මගිනි.මෙය සාදා ඇත්තේ චීනච්චට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් එක්කොටසක් ලෙස වාත්තු කිරීමෙනිමෙය තුල පිස්ටනය ගමන් කර වීමසඳහා සිලින්ඩර කුහරද, එන්ජිම සිසිල් කිරීම සඳහා ජලය ගලා යෑමට ජලමාර්ග ද, තෙල් ගලා යෑමට තෙල් මාර්ගද පිහිටා තිබේ
සිලින්ඩර හිස
      සිලින්ඩර හිස ද සාදා ඇත්තේ චීනච්චට්ටි හෝ චීනච්චට්ටි මිශ්‍ර හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් එක් කොටසක් ලෙස වාත්තු කිරීමෙනි. සිලින්ඩර හිසසිලින්ඩර බඳට බෝල්ට් ඇණ මඟින් සවිකර ඇත. මෙම ලෝහ කොටස් හොඳින් මුද්‍රාවීම සඳහා ඒ අතරට ගෑස්කටයක් යොදා ඇත.
      ඉන්ධන/වාතය ඇතුලු වීම සඳහා චූෂණ නල මාර්ගයදදහනය වූ වායුව පිටවීම සඳහා පිටාර නල මාර්ගයද මෙය තුල පිහිටා ඇත. මීට අමතරව තෙල් ගලා යෑමට තෙල් මාර්ගද ජලය ගලා යෑමට ජල මාර්ගද පිහිටා ඇත.
තෙල් දෙණ
      එන්ජිම ස්නේහනය වීම සඳහා අවශ්‍ය තෙල් ගබඩා කර ඇත්තේ මෙය තුලය. තෙල් දෙණ සිලින්ඩර බදෙහි යටි පැත්තට සවිවී ඇත. 
සිලින්ඩර බඳ හා සම්බන්ධ උපාංග
      පිස්ටනය (Piston)
      පිස්ටන් වළලු (Piston rings)
      පිස්ටන් ඇණය (Piston pin)
      සබැඳුම් දණ්ඩ/ පිස්ටන අත (Connection rod)
      දඟර කඳ (Crank shaft)
එන්ජිම තුල කොටස් එකලස් කර ඇති ආකාරය
      පිස්ටනය සිලින්ඩරය තුල එහා මෙහා ගමන් කරවිය හැකි ලෙස සම්බන්ධ වී ඇත.
      සබැඳුම් දණ්ඩේ කුඩා කෙළවර පිස්ටන් ඇණය මගින් පිස්ටනයට ද අනෙක් කෙළවර බෙයාරිම් මගින් දඟර කඳටද සම්බන්ධ වී ඇත.
සිලින්ඩර හිස හා සම්බන්ධ උපාංග
      කැමි දණ්ඩ (Cam shaft)
      වෑල්ව (Valves)
    චූෂණ වෑල්වය
    පිටාර වෑල්වය
සිවු පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය
      පලමුව එන්ජිමක භාවිතා වන මූල පද (Key Words) කිහිපයක් හඳුනා  ගනිමු.
      පහර - සිලින්ඩරය තුල පිස්ටනය පහල සිට ඉහලට හෝ ඉහල සිට පහලට ගමන් කරන දුර වේ.
      BDC -  සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන පහල සීමාව
      TDC -  සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන ඉහල සීමාව
      සිලින්ඩර පරිමාව -
    පිස්ටනය BDC වල ඇති විට ඊට ඉහලින් ඇති පරිමාව
      දහන කුටීර පරිමාව -
    පිස්ටනය TDC වල ඇති විට ඊට ඉහලින් ඇති පරිමාව
      පහරේ පරිමාව -
    BDC හා TDC අතර සිලින්ඩර පරිමාව
සිලින්ඩර පරිමාව = දහන කුටීර පරිමාව  + පහරේ පරිමාව
      සිව් පහර එන්ජිමක් පහරවල් හතරකින් යුක්තව චක්‍රයක ආකාරයෙන් ක්‍රියාකරයි. එම පහර හතර වනුයේ
    චූෂණ පහර
    සම්පීඩන පහර
    බල පහර
    පිටාර පහර
එම පහර හතරේදී දඟර කඳ වට භාගය බැගින් වට දෙකක් කැරකේ.
චූෂණ පහර
            පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් ගන්නා අතර චූෂණ වෑල්වය ඇරී චූෂණ කවුලුව තුලින් ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇදී එයි.
සම්පීඩන පහර
              පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගන්නා අතර චූෂණ පහරේදී සිලින්ඩරය තුලට ඇදගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනයකට ලක්වේ. මෙම පහරේදී වෑල්ව දෙකම වැසී පවතී.
බල පහර
              සම්පීඩන පහර අවසානයේදී පුලිඟු පේනුව මඟින් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කෙරේ. එවිට ඇතිවන අධික පීඩනය මඟන් පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කෙරේ. මෙම පහරේදීද වෑල්ව දෙකම වැසී පවතී.
පිටාර පහර
              පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගන්නා අතර පිටාර වෑල්වය ඇරී දහනය වූ වායුව පිටාර කවුලුව තුලින් පිටවී යයි.  

No comments:

Post a Comment