Showing posts with label නව සොයා ගැනීම්. Show all posts
Showing posts with label නව සොයා ගැනීම්. Show all posts

Saturday, June 18, 2016

නවතම 4700cc බයික් එක


lazareth-lm847-tilting-quad-motorcycle-9
මෝටර් සයිකලයක්  කියල කියන්නේ අප වැනි රටක බොහො නිවාසවල  දකින්න පුලුවන් දෙයක්. එදිනෙද වැඩ කටයුතු කරගැනීමට  car එකක් හරවනවාට වඩාපහසුවෙන් ගිහින් එන්න පුළුවන් නිසා අපි මෝටර්සයිකලයට සැහෙන කැමැත්තක් දක්කවනවා. හොද තත්වයේ වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර්සයිකල් සඳහා දැන් වැඩි උනන්දුවක් තිබෙනවා. නමුත් අපගේ මාර්ගයන්ට ගැලපෙන ලෙස 250 cc වලට එය සිමාකරලා තිබුනත් එහෙන් මෙහෙන් රිංගල ගෙන 1000cc මෙහෙ නැතුවමත් නෙවෙයි. ඒ වගේ බයිසිකලයක් පැදලා ගණන් සතුට car එකකින් ගන්න අමාරුයි මොකද ඒ ත්වරණය ගන්න car එකක් අසමත් වන නිසා. අද අපි මේ ලිපිය ගෙන එන්නේ අරුම පුදුම 4700cc මෝටර්සයිකලයක් පිළිබඳවයි.

lazareth-lm847-tilting-quad-motorcycle-1









lazareth-lm847-tilting-quad-motorcycle-5


ඔබට බැලුවොත් පෙනෙනවා ඇති මේක ඇත්තටම මෝටර්ස්ය්කලයක් පදිනවට වඩා එන්ජිමක්  පදිනවා කියල කිව්වත් වැරදි නැ. මෙය නිෂ්පාදනය කරලා තිබෙන්නේ Lazareth නම් ප්‍රංශ සමාගමක් විසින්. මෙය ඔව්න් නම් කර තිබෙන්නේ Lazareth LM 847 ලෙසයි. මෙය මුලිකව 4.7-liter Maserati V8 එන්ජිමක් වටා නිර්මාණය කරලා තිබෙනවා. මෙහි අනෙක් විශේෂත්වය නම් මෙය රෝද හතරකින් සමන්විතවීමයි එහිදී ඔව්න් මෙයට වේගවත් ධාවනයක් හා සමතුලිත තාවය ලබාදීමට swing arm යොදාගනිමින් නිපදව තිබෙනවා . තවද  single-speed viscous clutch automatic transmission system එකක් තමයි ඔව්න් මෙය වෙනුවෙන් යොදාගෙන තිබෙන්නේ. four single-sided swingarms, rim-mounted brakes, dual hub-centre steering යන ක්‍රමයන්ද ඔව්න් යොදාගෙන තිබෙනවා. මෙම මෝටර්සයිකලය යුරෝපයෙ නිත්‍යානුකුලව ධාවනය කිරමට හැකි අතර මෙය කිලෝ 400ක් බරින් හා මීටර 2.6ක දිගින් යුතුයි මෙහි පුදුම දනවන චයාරුප කිහිපයක් පහතින් බලන්න පුළුවන්.
lazareth-lm847-tilting-quad-motorcycle-6

lazareth-lm847-tilting-quad-motorcycle-4

lazareth-lm847-tilting-quad-motorcycle-11

Friday, June 17, 2016

දේශීය මෝටර් රථ දෙකක් ලගදීම වෙළද පොලට එයි

දේශීය මෝටර් රථ දෙකක් ලගදීම වෙළද පොලට එයි 


අදාල සමාගමේ ෆේස්බුක් පිටුවේ නව රථය පිළිබඳ දක්වා තිබුනේ මෙලෙසයි.Sayuri Motor Corp Lanka Ltd සහ Kapla Motors Industries manufacture යන මෙරට සමාගම් දෙකක් විසින් කුඩා මෝටර් රථ දෙකක් නිපදවා තිබෙනවා. 

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චර් සමාගම දේශීය වශයෙන් මෝටර් රථයක නිශ්පාදනය කොට තිබෙනවා.


එලෙස නිපදවන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඉදිරිපත් කර තිබෙනේ මෙලෙසයි.























රථ්‍ය පරීක්ෂා කළ මුදල් අමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප සමගින් පලකොට ඇත්තේ අදාල “මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වුණා“ යනුවෙනි.

සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගම නිපදවා ඇත්තේ ප්ලගින් හයිබ්‍රිඩ් නැමැති මෝටර් රථයයි.
ඊට ඉතාමත් සමනකම් දක්වන මෝටර් රථයක් චීනයේ නිෂ්පාදනය කර ඇතත්, අදාල සමාගම මෙරට කර්මාන්ත ශාලාවක තම මෝටර් රථය නිපදවන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් සිය ෆේස්බුක් පිටුවේ පලකොට තිබෙනවා






Bluetooth



බ්ලුටුත් තාක්‍ෂණය


ජංගම දුරකථන,පරිගණක,ඩිජිටල් කැමරා ,ලැප්ටෝප්,ගෙමින්ග් කොන්සෝල් , ප්‍රින්ටර් වැනි උපාංග එකිනෙක රැහැන් රහිතව සම්බන්ද කරන්න තියෙනවා හොදම සහ සාර්ථකම ක්‍රමය බ්ලුටුත්.

විශේෂත්වය  එෆ් එම් තරංග වැනි මාද්‍යය වලදී සිදු වන සන්නිවේදන උපකරණ පැටලිලි වී සම්බන්දතා බිදී යාම සිදුවීම බ්ලුටුත් භාවිතයේදී සිදු නොවීම. ඒ වගේම බ්ලුටුත් සම්බන්දතා වලදී වය වන විදුලි බලය අඩු වීමත්, පහසු වීමත්,කාර්යක්ෂම සහ වියදම් අඩු ක්‍රමයක් වීමත් බ්ලුටුත් ප්‍රචලිත වීමට ලොකු හේතුවක් වුණා. ඒ විතරක් නෙවේ. බ්ලුටුත් සම්බන්දතා පරිපත් සැදීමට යන මුදලත් පහසුවත් විශේෂ වාසියක් . බ්ලුටුත් උපකරණ දෙකක් අතර සන්නිවෙන්දයේදී එම උපකරණ දෙක හරි කෙලින් පිහිටිය යුතු වීම අත්‍යවශ්‍ය නැ. බිත්තියක් හෝ වෙන යක් බාදකයක් තිබුනත් බ්ලුට්ත් තරංග ගමන් කරන 100m පරාසය තුල සන්නිවේදනය පවත්වගතහැකි බැවි පැවසෙන්නේ.. නමුත් පර්යේෂණාත්මකව ප්‍රයෝගිකව අත්හද බලල තියෙන ව්දියට උපකරණ දෙක අතර 60m ක් උපරිමව සන්නිවේදනය අඩාල වෙන්නේ නැ.
බ්ලුටුත් සන්නිවේදනයේදී යොදාගන්නේ අඩු බල රේඩියෝ තරංඟ 2.402GHz- 2.480GHz බ්ලුටුත් මාදිලිය අනුව මෙම පරාසයේ භාවිතාව සිදුවේ.
මුලින්ම හදුන්වාදුන් 1.0 තාක්ෂනය දී දත්ත හුවමාරු වේගය 1 Mbps. බ්ලුටුත් 2.0 දී වේගය 3 Mbps විය. එය Enhanced data rate ලෙසද ප්‍රසිද්ද විය. 2004 දී හදුන්ව දුන්  3.0 දී වේගය 24 Mbps කි.
2010 දී හදුන්වාදුන් බ්ලුටුත් 4.0 Mbps වේගයක් සහ සන්නිවේදන දුර වැඩි විය. එමෙන්ම ලොව් energy වර්ගයට අයත් සන්නිවේදන මාද්‍යය ගණයට මෙය අයත් වුනි. බ්ලුට්ත් ස්මාර්ට් යන නමින්ද මෙය හැදින්විණි.
මෙතරම් වේගයෙන් සන්නිවේදනය සිදු උනත් මෙමගින් අනිකුත් සන්නිවේදන මාධ්‍යන්ට හෝ උපකරණ වලට බාධාවක් සිදු නොවේ.  මෙම දත්ත සන්නිවේදනයේදී හුවමාරු කරන සංඥා මිලිවොට් එකක් (1 mW) තරම් කුඩා වීම ඊට හේතුවයි. සාමාන්‍ය දුරකථන සංඥාවක් 3mW පමණ වේ.
 ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ එළිදැක්වුණු බ්ලුටුත් 4.2 
මේ තාක්‍ෂණය හොයාගෙන ටික කාලයක් ගත උනත් මහජනයාට මේ ගැන දැනගන්න ලැබුනේ බ්ලුටුත් තාක්‍ෂණය පිළිබද ප්‍රමිතීන් සාදන බ්ලුටුත් එස්අයිජි(SIG-Special Interest Group) ආයතනය මගින් සුදුසුයි කියල අනුමත කලට පස්සේ. හොදයි අපි දැන් බලමු මේ අලුත් බ්ලුටුත් තාක්‍ෂණය දැන් තියෙන බ්ලුටුත් තාක්ෂණයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියල………………
  • පෞද්ගලිකත්වය ආරක්ෂාවීම
අලුත් බ්ලුටුත් 4.2 වල තියෙන විශේෂම දේ තමයි කලින් තිබුණු බ්ලුටුත් තාක්ෂණ වල තිබුණු අනවසර ඇතුළුවීම් සුලබ වීම අලුත් තාක්ෂනයේදී සම්පුර්ණයෙන්ම නවත්වා තිබීම. ඒ වගේම ඉන්න තැන සොයාගැනීමේ හැකියාවත් සම්පුර්ණයෙන්ම නවත්වල තියෙනවා . (Tracking)
  • වේගය
තාක්ෂනය අලුත් වෙද්දී සිද්වන ප්‍රධානම දෙයක් තමයි වේගය අඩුවීම නැත්නම් යම් වැඩක් කරගන්න යන කාලය අඩුවීම.කෙටින්ම කිව්වොත් කාර්යක්ෂමතාවය වැඩිවීම. බ්ලුටුත් 4.2 එක්කම කලින් තිබු බ්ලුටුත් තාක්ෂනය වගේ දෙක හමාරක විතර ගුණයකින් වේගයත් වැඩි වෙලා තියෙනවා.ඒ නිසා සන්නිවේදන සම්බන්දතා කඩවීම් සිදුවීමත් හුගක් අඩු වේවි. ඒ වගේම නිවැරදිව සහ ඉක්මනින් දත්ත සන්නිවේදනය වෙන හින්ද බැටරි වල ආයු කාලයත් ඉතුරු වෙනවා.
  • අන්තර්ජාල සම්බන්දතාවය
අලුත් තාක්ෂනය අනුව උපාංග වලට කෙලින්ම අන්තර්ජාල සම්බන්දතාවය බ්ලුටුත් අඩප්ට්ර් එක ඔස්සේ ලබාගන්න පුළුවන්. ඒ හින්ද උපාංග අතර ජාලයක් හදාගන්න රවුටර් ඕනේ වෙන එකක් නැ ආයේ.