Showing posts with label ඉංජිනේරු තාක්ෂනය. Show all posts
Showing posts with label ඉංජිනේරු තාක්ෂනය. Show all posts

Friday, June 24, 2016

කාර්මික ඇදීම හැදින්වීම

කාර්මික ඇදීම හැදින්වීම

කිසියම් භාණ්ඩයක නිපදවීමට පෙර ඒ පිළිබද ව පැහැදිලි නිවැරදි සම්පුර්ණ අදහසක් ලබා දීම පිණිස ජාත්‍යන්තර සම්ම්තට අනුව භාවිත කෙරෙන ඇදීම ක්‍රමයක් කාර්මික ඇදීම යනුවෙන් හැදින්වේ .

                 ශිෂ්ටාචාර වර්ධනයත් සමග කෘෂිකර්මාන්තයට පුරුදු විය.ඒ සමග ම පොලව මැනීමේ අවශ්‍යතාව මතු විය.පොලව මැනීම යන අර්ථය ඇතිව ජ්‍යාමිතික හෙවත් GEO-METRY බිහි වූ බව සැලකිය හැක .ජ්‍යාමිතිය ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ ග්‍රීක ජාතිකයන් විසින් බව සැලකේ .පසු කාලයේදී ජය්මිතික හැඩ තල උපයෝගී කොට එයින් ලබා ගත හැකි නිර්මාණ මත තර්කානුකුල සිද්ධාන්ත ගොඩ නැගී ඇත.ක්‍රමක් ක්‍රමයෙන් සංවර්ධනය වූ ජ්‍යාමිතිය  අනෙකුත් විෂය ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්තව තිබේ .
                         
                         කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණ විය .ඒ අතරින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය අත්‍යවශ්‍යා කරුණක් විය .මිනිසාගේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මේවා කෙසේ සැලසුම් කල යුතුද යන්න භාණ්ඩ නිපදවන්නන්ට ගැටළුවක් විය.මීට හෙතුව භාණ්ඩයේ හැඩය ,මිනුම ඇතුලු අනෙක් තොරතුරු සටහන් කිරීමට අවශ්‍ය වීමයි.මෙම තිරතුරු කටුසටහන් මගින් භාණ්ඩ නිපදවන්නාට ඉදිරිපත් කිරීමට සිදු විය.මෙම ක්‍රියාවලි සදහා චිත්‍ර ශිල්පීන් කැදවීමට සිදු විය .මොවුන් විසින් ඇදී කටු සටහන් නොහැකි විට එම ශිල්පීන් නැවත කදවිමටද සිදු විය .ඇති වන ගැටළු විසදීමට නිෂ්පාදකයින්,වDර්තිකයන් හා කාර්මිකයන් එක්ව සම්මුතියක් කර ගන්න ලදී .ගැටළු පිළිබද විමසා පොදු එකගතාවක් ඇති කර ගැනීමට සිදු විය .මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කාර්මික ඇදීම නමති විෂය බිහි විය .

                       එංගලන්තයේ ඇති වූ මෙම සම්මුතියෙන් පසුව සෙසු රටවලට ව්‍යාප්ත විය .මෙම සම්මුතිවල වෙනස්කම් මගහරවාගැනීමට රටවල් ගණනක් එක වී ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයක් (International standard organization)ඇති කර ගනී.මෙමගින් කාර්මික ඇදීම පිළිබද සම්මත නීතිරීති (Standard Rules & Regulations)හා සංකේත(Symbols) සම්පාදනය කිරීමත් ,සංසෝධනය පිලිබධවත් සියලුම බලතල අයිතිවාසිකම් පවරා ගෙන ඇත .මෙම සම්මතයන් භාවිතා කරමින් අදින චිත්‍ර කාර්මික චිත්‍ර දන්නා ඕනෑම අයකුට තේරුම් ගනිමට හැකියාව ඇත .එසේ ඇදීමේ හැකියාවද ඇත .එබැවින් මෙම භාෂාව විශ්ව භාෂාවක් ලෙස සැලකේ.
මෙය බිහි වීම හේතුවෙන් වචන රාශියක් වෙනුවට රූප සටහනක් උපයෝගීකර ගැනීම නිසා පහසුවෙන් භාණ්ඩ  සාදන පුද්ගලයට එය සැදිය යුතු ආකාරය දන ගැනීමට ඉඩ සැලසී ඇත.


        උපකරණ හදුනා ගැනීම සහ අවශ්‍යතා

කාර්මික චිත්‍රයක් සාර්ථක ලෙස නිම කර ගැනීම සදහා තත්වයෙන් උසස් උපකරණ සහ ඇදීම ද්‍රව්‍ය අවශ්‍ය වේ.එම උපකරණ හා ඇදීම ද්‍රව්‍ය පහත දැක්වේ.
01.ඇදීම් කඩදාසි  (Drawing Paper)
02.පැන්සල් (Pencils)
03.මකනය (Eraser)
04.කෝදුව (Ruler)
05.ව්හිත චතුරස්‍ර යුගල (Set Squares)
06.කොණමානය (Protector)
07.කවකටුව (Compass)
08.බෙදුම් කටුව (Divider)
09.ඇදීම පුවරු  හා රූල (Drawing Board & “T” Rular)
10.සවි කිරීම් අධාර (Fixing Aids)
  
01.ඇදීම කඩදාසි
   උසස් තත්වයෙන් යුතු කාර්මික චිත්‍ර ඇදීමේදී උපයෝගි කර ගන්නා ඇදීම් කඩදාසිකට ගුණාංග කිහිපයක් තිබිය යුතුය.එනම්,
*  සාමාන්‍ය කඩදාසිකට වඩා රළු මතුපිටකින් යුත් වයනයක් තිබිම.
* වැඩි ඝනකමකින් යුක්ත වීම.
* සම්මත ප්‍රමාණයන්ට අනුකුල විම . වැනි කරුණුය.
ජාත්‍යන්තර ප්රිමිති සංවිධානයා මගින් ඇදීම් කඩදාසි පහත දැක්වෙන පරිදි ප්‍රමාණ කර ඇත.
මෙම වර්ගිකරණයේ A0  සිට A10 දක්වා ඇති මුත් කාර්මික ඇදීම සදහා බාවිතා වනුයේ  A0 සිට Aදක්වා ප්‍රමාණවලින් යුක්ත ඇදීම් කඩදාසියා . A0  සිට A4දක්වා ප්‍රමාණ වී ඇති අයුරු පහත රුපයේන් දැක්වේ.

02.පැන්සල්
  පැන්සල කාර්මික ඇදීමේදී අත්‍යවශ්‍ය උපකරණයකි.මෙය රවුම් ,පට්ටම් සහ ඕවල් යන හැඩවලින් යුක්ත වේ.මහපට ඇගිල්ල් සහ දබර ඇගිල්ල අතර පැන්සල කරකැවීමට සැලැස්විය යුතුය.



 රේඛාවක් ඇදීමේදී එම රේඛාවේ අවසානය දක්වා ඇගිලි අතර පැන්සල කරකැවීම කල යුතුය .මක්නිසාද යත් පැන්සල් තුඩ එකකරිව ගෙවීම හා අදින ලද රේකාව ඝනකම එකම ප්‍රමාණයකට තබා ගැනීම අවශ්‍ය නිසාවෙනි.අදින ලද රේඛාව එමගින් ඉතා පැහැදිලි ලෙස මතු කර දක්වයි .මෙහි දී රවුම් හැඩයෙන් හා පට්ටම් හැඩයෙන් යුත් පැන්සල් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ.
         පැන්සල් භාවිතා කිරිමේදී ඇදීම සදහා භාවිතා කරන රූලෙන් බැහැරව පවතින ලෙස හා ඇදීම දිශාවට ආනත වන පරිදි පැන්සල් තුඩ පිහිටා තිබීම වැදගත් වේ. 



 පැන්සල් වර්ග ලෙස 5B,2B,B,HB,H,2H භාවිත වේ.මෙම අක්ෂර හා ඉලක්කම් දැක්වෙනුයේ පැන්සල් භාවිතා කිරීමෙන් අදිනු ලබන රේඛාවේ පැහැය හා තද ගතිය පිළිබදවයි.මෙම පැන්සල් වර්ගීකරණය පහතින් දැක්වේ.







 H යනු මිනිරමේ තද ගතිය (Hard) වේ. H අක්ෂරය හා සම්බන්ධ ඉලක්කමේ අගය වැඩි වන විට එහි තද බව වැඩි වන බැවින් ඇදීමේ කඩදාසිය ඉරී යාමට ඇති ඉඩකඩ වැඩි වේ .
B යනු මිනිරමේ මෘදු ගැතිය (Black) වේ .අක්ෂර හා සම්බන්ධ ඉලක්කමේ අගය වැඩි වීමත් සමග ම අදින ලබන රේඛාවේ හා අක්ෂරයේ මිනිරම් කුඩුවල මෘදු ගතිය නිසා එම කුඩු ගෑවිමෙන් කඩදාසිය අපිරිසිදු වේ.ඉහත සදහන් වර්ග අතරින් කාර්මික ඇදීම සදහා යෝග්‍ය වනුයේ 2B,HB හා 2H යන පන්සල්ය.

    මෙම පැන්සල් උල් කිරීමේදී අක්ෂර හෝ ඉලක්කම් නොමැති පැත්ත තොර ගැනීම වැදගත් වේ.මක්නිසාද යත් උල් කිරීමෙන් පසුව ද පැන්සලේ වර්ගීකරණය පැහැදිලිව දක්නට ලැබේ බැවිනි.
                         උසස් තත්වයෙන් යුත් කාර්මික චිත්‍ර ඇදීම සදහා පැන්සල් තුඩෙහි ස්වභාවය වැදගත් වේ.මෙම පැන්සල් තුඩ උල් කිරීමෙන් පසුව තිබිය යුතු මිනුම් පහත දැක්වේ. 

                                                                                             

Thursday, June 23, 2016

මෝටර් රථයක ප්‍රධාන කොටස්

මෝටර් වාහනයක පද්ධති හා ප්‍රධාන කොටස්



මෝටර් රථයක ප්‍රධාන පද්ධති
(Main system of a vehicle)
      එන්ජිම(Engine)
      සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission System)
      සුක්කානම් පද්ධතිය (Steering System)
      රෝධක පද්ධතිය (Break System)
      අවලම්බන පද්ධතිය (Suspension System)
      සැකිල්ල (Frame)
      පණගැන්වීමේ පද්ධතිය (Starting system)
      ආරෝපණ පද්ධතිය (charging system)
      පහන් පද්ධතිය (Lighting System)
      බොඩිය (Body System)

එන්ජිමේ උප පද්ධති[Sub system of the Engine]
      සිසිලන පද්ධතිය (Cooling System)
      ස්නේහන පද්ධතිය (Lubrication System)
      ජ්වලන පද්ධතිය (Ignition System)
      ඉන්ධන පද්ධතිය (Fuel System)
එන්ජිම(Engine)
      වාහනය ධාවනය වීම සඳහා යාන්ත්‍රික ශක්තිය නිපදවීම එන්ජිමේ ප්‍රධාන කාර්යය වේ.
      එන්ජිමට සපයන ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිම තුලදීම දහනය කරන බැවින් මෙය අභ්‍යන්තර දහන එන්ජිම ලෙස හැඳින්වේ.
      එන්ජිම තුලදී ඉන්ධන වල ඇති රසායනික ශක්තිය තාප ශක්තිය බවට පෙරලේ.
      භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව මෙය පෙට්‍රල් එන්ජිම හා ඩීසල් එන්ජිම ලෙස වර්ග දෙකකට බෙදේ.

එන්ජිමක ප්‍රධාන කොටස්



      සිලින්ඩරය (Cylinder)
      පිස්ටනය (Piston)
      දඟර කඳ (Crank shaft)
      පිස්ටන අත (Connecting rod)
      වෑල්ව (Valves)
      කැමි දණ්ඩ (Cam shaft)

සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission System)

  

    සම්ප්‍රේෂණ පද්ධතිය මඟින් එන්ජිම දඟර කඳ හරහා ලබා දෙන භ්‍රමණ චලිතය වාහනයේ රෝද කරා ක්‍රමානුකූලව රැගෙන යාම සිදු කරයි.




සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන කොටස් 
     Main parts of the Transmission System

      ක්ලචය (Clutch)
      ගියර පෙට්ටිය (Gear Box)
      අවර පෙති කඳ (Propeller Shaft)
      ආන්තරය (Differential)
      අක්‍ෂ දඬු (Axels)
      රෝද (Wheels)

සුක්කානම් පද්ධතිය

Image result for සුක්කානම් පද්ධතිය


වාහනය ධාවනය වන දිශාව හසුරුවා ගැනීම සුක්කානම් පද්ධතියේ කාර්යය වේ.

සුක්කානම් පද්ධතියේ ප්‍රධාන කොටස්
Image result for සුක්කානම් පද්ධතිය
      සුක්කානම් රෝදය (Steering wheel)
      සුක්කානම් ගියර පෙට්ටිය (Steering gear box)
      ජව පොම්පය (Power steering pump)








රෝධක පද්ධතිය (Break System)
Image result for රෝධක පද්ධතිය (Break System)

      වාහනයේ වේගය පාලනය කර ගැනීමට හා වාහනය නවතා ගැනීමට රෝධක පද්ධතිය උපකාරී වේ.
      ප්‍රධාන වශයෙන් රෝධක පද්ධතිය වර්ග තුනකි.
1.     යාන්ත්‍රික රෝධක ( Mechanical Break)
2.     ද්‍රාව රෝධක ( Hydraulic Break)

3.     වා රෝධක ( Air Break)


                             අවලම්බන පද්ධතිය

පාරේ ඇති රළු ගතිය හේතුවෙන් ඇතිවන ගැස්සීම් වලින් වාහනයේ කොටස් වලට, ගමන් කරන මගින් හා ගෙන යන බඩු බාහිරාදියට අපහසුවක් හෝ හානියක් ඇතිවීම වැලැක්වීම මෙම පද්ධතියේ කාර්ය වේ.

අවලම්බන පද්ධතියේ  කොටස්
      කම්පන වාරක (Shock Absorber)
      දුනු (Springs)
සැකිල්ල (Frame)
Image result for bmw i8


      අනෙකුත් පද්ධති සියල්ල සම්බන්ධ කර දරා සිටිනුයේ සැකිල්ල මගිනි.
      සැකිල්ල සාදා ඇත්තේ වානේ බට හෝ හැඩයේ වානේ දඬු එකට පෑස්සීම හෝ රිවට් කිරීම මගිනි.
බොඩිය හැර වාහනයේ ඉතිරි අංග සියල්ල එක්වූ විට එයට චැසිය යැයි කියනු ලැබේ.

පණගැන්වීමේ පද්ධතිය



      එන්ජිම පනගන්වා ගැනීම සඳහා මූලික වශයෙන් එන්ජිම කරකවා දීම පණගැන්වීමේ පද්ධතියේ කාර්යය වේ.
         
පණගැන්වීමේ පද්ධතියේ මූලික කොටස්
      බැටරිය
      පණගැන්වීමේ මෝටරය
පණගැන්වීමේ හා ආරෝපණ පද්ධතිය
(Charging System)

Image result for පහන් පද්ධතිය (Lighting System)

      වාහනයේ බැටරිය ආරෝපණය කිරීම ආරෝපණ පද්ධතියේ කාර්යය වේ.
      ආරෝපණ පද්ධතියේ මූලික කොටස්
      ඕල්ටනේටරය
Image result for ඕල්ටනේටරය
පහන් පද්ධතිය (Lighting System)

      පහන් පද්ධතිය මගින් වාහනයේ ප්‍රධාන පහන්පැති පහන්සංඥා පහන්පිටුපස පහන් යනාදිය දැල්වීම කරනු ලැබේ.
පහන් පද්ධතියේ ප්‍රධාන කොටස්
      බැටරිය
      බල්බ
සිසිලන පද්ධතිය (Cooling System)
Image result for සිසිලන පද්ධතිය (Cooling System)
Image result for සිසිලන පද්ධතිය (Cooling System)

මෙය එන්ජිමේ උප පද්ධතියකි. එන්ජිම අනවශ්‍ය ලෙස රත්වීම වැලැක්වීම මෙම පද්ධතියේ ප්‍රධාන කාර්යය වේ.
    සිසිලන පද්ධතියේ ප්‍රධාන කොටස්
      ජල පොම්පය (Water pump)
      රේඩියේටරය (Radiator)e
      උෂ්ණත්ව පාලක වෑල්වය (Thermostat valve)
      අවාන (Fan)
ස්නේහන පද්ධතිය(Lubrication System)

      එන්ජිමේ චලනය වන කොටස් වල ඝර්ෂණය හා ගෙවීම අඩු කිරීම මෙහි ප්‍රධාන කාර්යය වේ. මීට අමතරව එම කොටස් වල ඇති තාපය ඉවත් වීමද මෙමඟින් සිදුවේ.

          ස්නේහන පද්ධතියේ ප්‍රධාන කොටස්
      තෙල් දෙණ (Oil sump)
      තෙල් පොම්පය (Oil pump)
      තෙල් පෙරහන (Oil filters)
ජ්වලන පද්ධතිය(Ignition System)


Image result for ජ්වලන පද්ධතිය(Ignition System)
මෙය අන්තර්ගත වන්නේ පෙට්‍රල් එන්ජිමක පමණි. පෙට්‍රල් එන්ජිමක පෙට්‍රල් වාත මිශ්‍රණය දවාලනු ලබන්නේ විදුලි පුලිඟුවක් මගිනි. විදුලි පුලිඟුවට විදුලිය සැපයීම මෙම පද්ධතියේ ප්‍රධාන කාර්යය වේ.

ජ්වලන පද්ධතියක ප්‍රධාන කොටස්
      බැටරිය (Battery)
      ජ්වලන ස්විචය (Ignition Switch)
      ඩිස්ට්‍රිබියුටරය (Distributor)
      පුලිඟු පේනු (Spark plug)
      ජ්වලන දඟරය (Ignition coil)
ඉන්ධන පද්ධතිය
(
Fuel System)
Image result for ඉන්ධන පද්ධතිය (Fuel System)



      එන්ජිමට අවශ්‍ය ඉන්ධන සැපයීම මෙහි ප්‍රධාන කාර්යය වේ.
            ඉන්ධන පද්ධතියක ප්‍රධාන කොටස් 
  • පොම්පය (Pump) 
  • පෙරහන (Filters)  
  • කාබියුරේටරය හෝ විදිනය (Carburetor or Injector)