Saturday, June 18, 2016

වානේ | steel Sinhala

අපි මෙම පාඩමෙන් වානේ පිළිබද කතා කරමු. කර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ වැඩියෙන්ම භාවිතා වන ෆෙරස් ලෝහය(Fe) වානේ වේ. වානේ වල සුළු ප්‍රමාණයක් කාබන් ද ඉතිරිය යකඩ ද අඩංගු වේ. තවද Mn(මැග්ගනස්), S(සල්ෆර්), P(පොස්පරස්) සුළු වශයෙන් අඩංගු වේ. කාබන් ප්‍රතිශතය අනුව වානේ ප්‍රධාන කොටස් 3කට බෙදිය හැකිය. 
01). අඩු කාබන් වානේ හෙවත් මෘදු වානේ
02). මධ්‍යම කාබන් වානේ
03). අධි කාබන් වානේ
01). අඩු කාබන් වානේ
                   0.3% දක්වා කාබන් අඩංගු වේ. මේවා සාමාන්‍ය ශක්තියෙන් වන අතර හොද තන්‍ය ගුණයෙන් යුක්ත වේ. පහසුවෙන් මැෂින් කළ හැකි අතර අත් ආයුධ වලින් ද කැපිය හැකිය. වැඩි වශයෙන් පොදු ඉංජිනේරු වැඩ සඳහා භාවිතා වන අතර මෙම වානේ වලට මෘදු වානේ යන නම ද භාවිතා කරයි.
02). මධ්‍යම කාබන් වානේ
                     0.3% සිට 0.5% දක්වා  C අඩංගු වානේ මේ ගණයට අයත් වේ. මෙම වානේ දැඩි බවට පත් කර හැකිය. පණ පෙවීම තුලින් මෙහි දැඩි බව අඩු කර ගත හැක. මේවා ඉහළ ශක්තියෙන් යුතුවන අතර හොද ප්‍රබලතාවයෙන් ද යුක්ත වේ. නමුත් දැඩි කළ පසු භංගුරතාවය ඇති වීමට පුළුවනි.
                මෙම වානේ දගර කඳ, අක්ෂ දඩු, ආදිය නිෂ්පාදනයට භාවිතා කරයි.
03). අධි කාබන් වානේ
                      0.5% සිට 1.4% දක්වා කාබන් අඩංගු වානේ මෙම ඉහළ කාබන් ප්‍රතිශතය නිසා මෙම වානේ ඉතා දැඩි බවට පත් කළ හැක. මෙම වානේ කැපුම් ආයුධ නිෂ්පාදනයට බහුලව භාවිතා කරයි.
Powered By : Tharindu Chathuranga

No comments:

Post a Comment